මහා බෝධියකි නිමලයි සෙවණයි
මහාබෝධි මහ විදුහල අමිලයි
හෙළ දෙරණේ අභිමානේ
දම්පල් හිමි රජ දහනේ
වැසියෝ වෙමු අපි සිසුවෝ
විදුහල් මෑණිගේ දරුවෝ
මුදු නළ සිඹ කන්නෙලි වන තුරු හිස
ගුණ නැණ පූදින කෙත ගිංගඟ අස
බැන්දූ ජය දද නැංවූ කිතුගොස
නිබඳව රකිනා දෙස බස සහ රැස
මහා බෝධියකි නිමලයි සෙවණයි..
ගජමුතු ලෙස රැකි ගිජිදුන් විකුමැති
කවිකම් දී නිසිවැනි විදු සක්විති
වියතුන් සබමැද ඉන්නට දිරි ඇති
අරුමැති හෙළ ගති හුරුකරලන නිති
මහා බෝධියකි නිමලයි සෙවණයි
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය